දීඝ නිකාය 1 – Deegha Nikaya 1

$15.00

Out of stock

අපගේ ශාස්තෘ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් වදාරන ලද පාරිශුද්ධ බුද්ධ වචනය ඇතුළත් වන්නේ සූත්‍ර, විනය, අභිධර්ම යන ත්‍රිපිටකය තුළ ය. එයින් සූත්‍ර පිටකය ~ දීඝ නිකාය, මජ්ඣිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය හා ඛුද්දක නිකාය වශයෙන් කොටස් පහකින් යුක්ත වේ. දීඝ නිකායෙහි ඇතුළත් වන්නේ දීර්ඝ සූත්‍ර දේශනාවන් ය. දෙසුම් 34කින් යුත් දීඝ නිකාය ~ සීලක්ඛන්ධ වර්ගය, මහා වර්ගය හා පාථික වර්ගය වශයෙන් කොටස් 3කින් සමන්විත වන අතර ඒවා ග්‍රන්ථ 3ක් ලෙස ප්‍රකාශයට පත්කොට තිබේ.

දීඝ නිකාය පළමුවන පොත් වහන්සේ වන මෙහි සෑම දේශනාවක ම පාහේ නිවන් මගට පිළිපන් භික්ෂුව විසින් සුරකින සීලය පිළිබඳව බහුලව විස්තර වන බැවින් සීලක්ඛන්ධ වර්ගය නමින් හඳුන්වනු ලැබේ.

මෙම උතුම් පොත් වහන්සේගේ ඇතුලත් සූත්‍ර දේශනාවන් වන්නේ –

  1. බ්‍රහ්මජාල සූත්‍රය
  2. සාමඤ්ඤඵල සූත්‍රය
  3. අම්බට්ඨ සූත්‍රය
  4. සෝණදණ්ඩ සූත්‍රය
  5. කූටදන්ත සූත්‍රය
  6. මහාලි සූත්‍රය
  7. ජාලිය සූත්‍රය
  8. සීහනාද සූත්‍රය
  9. පොට්ඨපාද සූත්‍රය
  10. සුභ සූත්‍රය
  11. කේවඩ්ඪ සූත්‍රය
  12. ලෝහිච්ච සූත්‍රය
  13. තේවිජ්ජ සූත්‍රය
Weight 1.2 kg

Reviews

There are no reviews yet.

Be the first to review “දීඝ නිකාය 1 – Deegha Nikaya 1”

Your email address will not be published. Required fields are marked *