අනුත්තරීය වූ පින
මේ ලෝකයේ උපස්ථාන කිරීම් අතුරින් ශ්‍රේෂ්ඨ වන්නේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට හෝ බුදු රජාණන් වහන්ස්ගේ ශ්‍රාවකයෙකුට සිදු කරන උපස්ථානයයි. ඒ බව අපගේ බුදු රජාණන් වහන්සේ අංගුත්තර නිකායේ සඳහන් අනුත්තරීය සුත්‍ර දේශනයේ දී මෙසේ දේශනා කොට වදාළා.
“පින්වත් මහණෙනි, යම් කෙනෙක් පිහිටි ශ්‍රද්ධාවෙන් යුතුව, පිහිටි ප්‍රේමයෙන් යුතුව, නොසෙල්වෙන පැහැදීමෙන් යුතුව, බලවත් පැහැදීමෙන් යුතුව, තථාගතයන් වහන්සේට හෝ තථාගත ශ්‍රාවකයෙකුට උපස්ථාන කරයි ද, එය උපස්ථානයන් අතර ශ්‍රේෂ්ඨ වූ දෙයකි. සත්වයන්ගේ විශුද්ධිය පිණිසත්, ශෝක වැළපීම් ඉක්මවා යාම පිණිසත්, දුක් දොම්නස් නැති වීම පිණිසත්, ධර්ම මාර්ගයට පැමිණීම පිණිසත්, නිවන සාක්ෂාත් කිරීම පිණිසත් හේතු වෙයි. මහණෙනි, යම් මේ පිහිටි ශ්‍රද්ධාවෙන් යුතුව, පිහිටි ප්‍රේමයෙන් යුතුව, නොසෙල්වෙන පැහැදීමෙන් යුතුව, බලවත් පැහැදීමෙන් යුතුව, තථාගතයන් වහන්සේට හෝ තථාගත ශ්‍රාවකයෙකුට උපස්ථාන කරයි ද, එය උපස්ථානයන් අතර ශ්‍රේෂ්ඨ වූ දෙයකි. මෙය උපස්ථානයන් අතර ශ්‍රේෂ්ඨම දෙය යැයි කියනු ලැබේ.”
(භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ – අනුත්තරීය සුත්‍රය – අ.නි. 04)
මෙල්බර්න් මහමෙව්නාව
ගෞතම බුදු රජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් පිහිට සළසාලීමේ අරමුණින් 2008 වසරේ දී මෙල්බර්න් මහමෙව්නා භාවනා අසපුව ආරම්භ කරන ලදී. මේ වන විට එමඟින් මාසික සීල භාවනා වැඩසටහන්, ළමා වැඩසටහන්, යොවුන් වැඩසටහන්, මාසිකව සිදු කරන දුර පළාත්වල වැඩසටහන්, වෙසක් වැඩසටහන් මාලාවන්, වස්සාන වැඩසටහන් මාලාවන්, අසපුවේ සිදු කරන ධර්ම දේශනා සහ භාවනා වැඩසටහන්, නිවෙස් වල සිදු කරන ධර්ම දේශනා සහ සෙත් පිරිත් සජ්ඣායනා කිරීම් ආදී නොයෙකුත් වැඩසටහන් සිදු කරමින් සුවිශේෂී ශාසනික මෙහෙවරක් සිදු කරනු ලබයි.

ඔබටත් දායක විය හැක.
වාර්ෂික දායකත්වයට සම්බන්ධ විය හැකි ආකාර,
තමන් ලබා ගන්නා දායකත්වයන් වෙනුවෙන් වර්ෂයේ කැමති දිනයන් වෙන් කර ගත හැක. එම දිනයට දායකත්වය සම්පූර්ණ වී ඇත් නම් පින්වත් භාණ්ඩාගාරික මහතා ඔබට ඇමතුමක් දී වෙනත් දිනයක් ලබා ගැනීම පිළිබඳව විමසනු ඇති. එම දායකත්ව දිනයේදී අසපුවේ පැවැත්වෙන බුද්ධ වන්දනාවේ දී ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාට ම විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කරනු ලබයි.
DIRECT DEBIT
- Account Name: Mahamevnawa Buddhist Meditation Centre.
- Swift code: WPACAU2S
- Bank: Westpac
- Branch Name: QV Village
- BSB: 033005
- Account No: 489379
මීට අමතරව Cheque මඟින් හෝ PayPal මඟින් ගෙවීම් සිදු කළ හැක.
රැස් වන සියළු පුණ්‍යානුභාව බලයෙන් සියළු දෙනාට ම නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා, දීර්ඝායුෂ ලැබේවා. උතුම් ධර්මාවබෝධය පිණිස ම සියළු පින් උපකාර වේවා!