Saddharma Yathra 2016-11-05T22:30:59+00:00

>

[one_half]

“Dassana Kamo Seelawathang – saddhamman sotu michchati
vineyya machchera malan – save saddhothi vuchchathi”

The one that likes to see people of virtue and noble qualities, likes to listen to the Supreme Dhamma, and is a remover of stinginess—the one who has these noble qualities is called a true, faithful disciple.
With the noble mission of spreading the Gautama Buddha’s dispensation worldwide, the meritorious organisation named Mahamevnawa was begun 17 years ago in Polgahawela by the hands of most Ven. Kiribathgoda Gnanananda Thero.
The noble-greatness of the Buddha is marvellous! With that noble mission coming to fruition, the pure Dhamma was heard not only in Sri Lanka but also all over the world, showing the ultimate truth of the word of the Supreme Buddha; “My dispensation shines when it is revealed, and when it is not revealed, does not shine.”
The Melbourne Mahamevnawa Meditation Centre which was started 6 years ago with the guidance of most Ven. Kiribathgoda Gnanananda Thero, has become a refuge that provides the association of noble friends.
On the 1, 4, 5 and 6th of November a series of the Dhamma programmes will be held in Melbourne, conducted by the most Ven. Kiribathgoda Gnanananda Thero who was the chief pioneer in bringing upon innumerable benefits to many devotees.
All who would like merits are invited with metta.

Revolution Slider Error: Slider with alias Pinwath1 not found.

[/one_half][one_half_last]

“දස්සන කාමෝ සීලවතං – සද්ධම්මං සෝතු මිච්ඡති
වින්‍යෙය මච්ඡේර මලං – සවේ සද්ධෝති වුච්චති”

සිල්වතුන් ගුණවතුන් දකින්නට කැමති වෙයි, ශ්‍රී සද්ධර්මය අසන්නට කැමති වෙයි, මසුරුමල දුරු කරන්නේ වෙයි මේ උතුම් ගුණ ඇති කෙනාට සැබවින්ම ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයා යැයි කියනු ලැබේ.
ගෞතම බුදු සසුන ලොව පුරා ප්‍රචලිත වේවා යන උතුම් අරමුණ පෙරදැරිව මහමෙව්නාව නම් වූ පුණ්‍ය ආයතනය මීට වසර 17 කට පෙර පොල්ගහවෙලදී අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ සුරතින් ආරම්භ විය.
බුද්ධානුභාවය අසිරිමත්ය පින්වත් මහණෙනි මාගේ ශාසනය විවෘත වූයේම බබළයි, විවෘත නොවූයේ නොමබබළයි යන බුදු සදනේ සත්‍ය ලොවට විදහා පාමින් ශ්‍රී ලංකාවේ පමණක් නොව දේශ දේශාන්තර වල පවා නිර්මල ධර්මය ඇසෙන්නට විය.
මින් වසර 6 කට ඉහතදී අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ආරම්භ කරන ලද මෙල්බර්න් මහමෙව්නාව භාවනා අසපුව උතුම් කළ්‍යාණ මිත්‍ර ඇසුර ලබා දෙන අමා පැන්තොටක් විය.
මෙසේ බොහෝ පින්වතුන් හට අප්‍රමාණ යහපතක් උදා කිරීමෙහිලා පුරෝගාමී වූ අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවන සදහම් වැඩසටහන් මාලාව 2016 නොවැම්බර් 01, 04, 05 සහ 06 යන දිනයන්හී මෙල්බර්න් නුවරදී පැවැත්වේ.
පින් කැමති සියළු දෙනා හට මෙත් සිතින් ඇරයුම් කර සිටිමු….

Revolution Slider Error: Slider with alias pinwath2 not found.

[/one_half_last]