Loading Events

« All Events

  • This event has passed.

Monthly SIL Program

November 7, 2021 @ 8:00 am 4:30 pm

නමෝ බුද්ධාය,

සැදැහැවත් පින්වත්නි,

මෙල්බර්න් මහමෙව්නාව භාවනා අසපුවේ පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් මෙහෙයවනු ලබන මාසික සීල භාවනා වැඩ සටහන නොවැම්බර් මස 7 වැනිදා උදෑසන 8 සිට සවස 4:30 දක්වා, මෙල්බර්න් මහමෙව්නාව භාවනා අසපුවේ දී පැවැත්වෙන බව මෙත් සිතින් දන්වා සිටිමු.

වික්ටෝරියා ප්‍රාන්තයේ පවතින Covid-19 සීමා කිරීම් වලට යටත් ව, COVID-19 එන්නත් ද්විතවයම ලබාගත් (FULLY VACCINATED) පින්වතුන් 90 දෙනෙකු හට මෙම සීල භාවනා වැඩසටහනට අසපුවට පැමිණ සම්බන්ධ වීමට අවස්ථාව ඇත. මෙම වැඩසටහනට සහභාගී වන්නේ නම් පහත link එක භාවිතා කර google form එක සම්පූර්ණ කරන මෙන් ඉල්ලා සිටිමු. එය සම්පූර්ණ කරන පිරිසට පමණක් වැඩසටහනට සහභාගී වීමට අවස්ථාව සලසා ඇති බව මෙත් සිතින් දන්වා සිටිමු.

https://forms.gle/8w8DnN9R8cyfjK6X7

ඔබ සමග ඔබගේ පවුලේ තවත් අය සහභාගී වන්නේ නම් ඔවුන්ගේ විස්තරද වෙන වෙනම සඳහන් කරන මෙන් මෙත් සිතින් ඉල්ලා සිටිමු.

වික්ටෝරියානු රජයෙන් පනවා ඇති නීති ප්‍රකාරව, ඔබ අසපුවට පැමිණෙන විට පහත උපදෙස් අනුගමනය කරන මෙන් මෙත් සිතින් යුතුව දන්වා සිටිමු: 

01. ඔබ කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උණ හෝ එවැනි අසනීප ගතියකින් පෙළෙයි නම් අසපුවට පැමිණීමෙන් වළකින්න.  

02. ඔබගේ පැමිණීම තහවුරු කිරීම පිණිස QR Code එක Scan කිරීමේ දී ඒ සඳහා ඔබගේ සහයෝගය දැක්වීමට කාරුණික වන්න.

03. වික්ටෝරියානු රජයෙන් පනවා ඇති නීති ප්‍රකාරව මුව ආවරණ පැළඳ සිටින්න.

04. සෑම විටම මීටර 1.5 ක දුරස්ථභාවය තබා ගැනීමට සැලකිලිමත් වන්න.

05. අසපුවේ විහාර මන්දිරය, ධර්ම ශාලාව සහ අනෙකුත් ගොඩනැගිලි වෙත ඇතුළු වීමේ දී  එහි තබා ඇති Hand Sanitizers යොදා ඔබගේ දෑත් පිරිසිදු කර ගන්න.

06. එන්නත් වාර දෙකම ලබාගත් පින්වතුන් හට මෙම සීල භාවනා වැඩසටහනට සහභාගිවීම සඳහා අවස්ථාව සලසා ඇති නිසා,  අසපුවට පැමිණෙන විට ඒ බව තහවුරු කිරීම සඳහා අදාළ සහතිකය රැගෙන ඒමට කාරුණික වන්න.

තෙරුවන් සරණයි.

මෙත් සිතින්,

උපස්ථාන කමිටුව

Mahamevnawa Buddhist Monastery of Melbourne

71 Monbulk Road,

Mount Evelyn,

VIC 3796


Tel: 03 9736 3937
Email: info@mahamevnawa.org.au
Facebook: http://www.facebook.com/mahamevnawa.melb